Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2018 22:29:03 Hours

යුද්ධ හමුදා රගර් කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයන් තෝරාගැනේ

2018/19 රගර් තරඟවාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ අනුමැතිය මත යුද්ධ හමුදා රගර් කණ්ඩායම වෙත ෆීජි රගර් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තිදෙනෙකු සතියක කාලයක් (සැප්තැම්බර් මස 24 සිට ඔක්තෝබර් මස 03 දක්වා) ෆිජී රාජ්‍යයේ සංචාරයක නිරතවිය.

විදේශීය රගර් ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, යුද්ධ හමුදා රගර් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ, යුද්ධ හමුදා රගර් කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් එස්.ජේ. සමරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ෆිජී රාජ්‍යයේ ආරක්‍ෂක සේවා මූලස්ථානයේ දී එහි නියෝජ්‍ය අණදෙන නිලධාරි ඇතුළු හමුදා සාමාජිකයින් සමඟ මූලික සාකච්ඡාවක් සිදු කරන ලදී.

එම හමුවීමට ප්‍රථම ෆිජී රාජ්‍යයේ ආරක්‍ෂක සේවා මූලස්ථානයේ දී යුද්ධ හමුදා රගර් කමිටු සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

එම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් විසින් ෆිජී රාජ්‍යයේ රගර් සම්මේලනයේ සභාපති ජෝන් ඕ කොනර් මහතා (Mr John O Corner) සහ තෛ‍ෙලව් දිස්ත්‍රික් (Tailevu county) රගර් කණ්ඩායමෙහි කළමණාකරු ලෙවනි මාතෙ මහතා (Mr Levani Matae) සමඟ ක්‍රීඩකයින් තෝරාගැනීම සබැඳිව සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව, ෆිජී රාජ්‍යයේ ආරක්‍ෂක සේවා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදා රගර් කණ්ඩායම අතර පැවැති තරඟය නැරඹීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායමට අවශ්‍ය විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු ෆිජී රාජ්‍යයේ සන්නද්ධ හමුදා රගර් කණ්ඩාම වෙතින් තෝරාගන්නා ලද අතර එම ක්‍රීඩකයින් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවැසි ඉදිරිකටයුතු ද මේ දිනවල සිදුකරමින් පවති.

ෆිජී රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා කොන්සෝල් ජෙනරාල්වරයා සහ ෆිජී රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකීකයින් මෙම සංචාරය සංවිධානය කරගැනීම සඳහා අවශ්‍යය සහාය දක්වන ලදී.

අතීතයේ රගර් ක්‍රීඩාවෙන් බෝහෝ ක්‍රීඩා දස්කම් දක්වා ඇති ෆිජී රාජ්‍යයේ රගර් ක්‍රීඩකයින් එහි සපැමිණි තේරීම් කමිටුව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. latest Running Sneakers | Air Jordan