10th October 2018 08:22:05 Hours
වර්ෂ 1993 සිට 2018 දක්වා ගත වූ වසර 24 ක කාලය තුල සිය දිවි නොතකා අන් ජිවිත රැක ගත් පුද්ගලයින් අගයමින් ‘වීර පොදුජන පදනම’ විසින් පැවැත්වූ එක්දින නායකත්ව පුහුණු වැඩමුළුව (අදියර 01) පසුගියදා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
අදියර 03 ක් යටතේ සංවිධානය කළ මෙම වැඩමුළුවේ දී වර්ෂ 1993 සිට 2018 දක්වා කාලය තුල සිය දිවි නොතකා අන් ජිවිත රැකගත් විරුවන් සහ වීරවරියන් 472 ක් ගෞරව සම්මානයට පාත්‍ර කර ඇති අතර දිවයින පුරා විසිරි පැතිරුණු විරුවන් උදෙසා ඔවුන්ගේ නායකත්ව ආකල්ප වඩාත් වැඩිදියුණු කිරීම, ජිවිත බේරාගැනීමේදි නව තාකෂණික ක්‍රම හඳුන්වාදීම සහ සමාජය මත් උවදුරින් වලක්වා ගැනිම වෙනුවෙන් ඔවුන්ට ඇති වගකීම පිළිබඳ දැනුවත් කළහ.
මෙම වැඩමුළුවෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගී විය.
ලුතිතන් කර්නල් නලීන් හේරත්, මේජර් ටී විජේසිංහ, කපිතන් එල් ගුණවර්ධන, උප පොලිස් පරික්ෂක එල්. ප්‍රේමරත්න සහ පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් ද මෙම වැඩමුළුවේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරන ලදි.
යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර මෙම වැඩමුළුවේ සම්බන්ධිකරණ කටයුතු බස්නාහිර පලාත් සහ පුත්තලම දිස්ත්‍රික් සමුහ මෙහෙයුම් ආඥා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් ජේ.කේ.ආර්.පි ජයසිංහ විසින් සිදු කරන ලදි. url clone | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos