Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2018 22:24:34 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය අභිමානවත් 62 වන සංවත්සරය සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත පරන්තන් පිහිටි 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ප්‍රජා ව්‍යාපෘතින් සමඟින් සිය අභිමානවත් 62 වන සංවත්සරය සමරනු ලැබීය.

සංවත්සරය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු භට පිරිස් විසින් පරන්තන් කතෝලික දේවස්ථානයේ නේවාසික ළමුන් 25 ක් සහ දෙමාපියන් 15 ක් සඳහා දිවා ආහාරය ලබාදුන් අතර, එදිනම පරන්තන්, කොක්කරාන්කඩ්ඩු හින්දු කෝවිල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කළහ. bridge media | UOMO, SCARPE