Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2018 17:28:45 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වැඩසටහන් මාලාවක්

69 වන යුද්ධ හමුදා සංවත්රයට සහ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදෙන යුද්ධ හමුදා දිනයට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහක්, ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් සහ ධජ පෙළපාලියක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත දියතලාව යුද්ධ හමුදා රෝහලේ දී බ්‍රහස්පතින්දා (04) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කල අතර එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 10 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 80 දෙනෙකු එහිදි රුධිරය පරිත්‍යාග කළහ.

එමෙන්ම, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර ගේ උපදෙස් මත එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 52 කට අධික පිරිසක් පේරාදෙණිය ශීක්‍ෂණ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ඔක්තෝම්බර් මස 05 සහ 06 දෙදින පුරා පවත්වනු ලැබීය.

මේ අතර, 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලදාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු කිරින්ද රජමහා විහාර පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

තවද, 12 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හම්බන්තොට ආයුරුවේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් රෝහල් කාර්යමණ්ඩය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ඔක්තෝම්බර් මස 8 සහ 9 දිනයන්හි පවත්වන ලදී.

මේ අතර, සංවත්සර වැඩසටහනේ එක් අධියරක් ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා දිනයට සමගාමීව ධජ පෙළපාලියක් සංවිධානය කරනු ලැබීය.

එමෙන්ම, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් 69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් බදාදා (10) දින බණ්ඩාරවෙල නගරයේ සිට දියතලාව දක්වා ධජ පෙළපාලියක් සංවිධානය කල අතර ඒ සඳහා නිලධාරින් 12 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 362 ක් සහභාගි විය.

එම පෙළපාලිය වර්ණවත් කිරීම සඳහා යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩයම් තුනක් ද එක්ව සිටියහ.

තවද, 69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දියතලාව රෝහල සහ ආයුරුවේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (09) දින දියත් කරනු ලැබු අතර ඒ සඳහා නිලධාරින් 15 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 105 ක් සහභාගි වූහ. affiliate link trace | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News