08th October 2018 17:00:12 Hours
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ඉල්ලීමකට අනුව නව තැපැල් කාර්යාලය පලාලී යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේ ස්ථාපනය කර සෙනසුරාදා (06) දින පැවැති උත්සවයකදි විවෘත කරනු ලැබීය.
දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව තැපැල් කාර්යාලය යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී.
මෙම උත්සවය සඳහා උතුරු පළාත් නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපති මදුමාධි වසන්ත කුමාර් මහත්මිය, උතුරු පළාත් තැපැල් අධිකාරි ටී. පුෂ්පනාතන් මහතා, පලාලී ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වින් කමාන්ඩර් චන්න ජයතිලක, පලාලී පොලිස් ස්ථානයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් රුසක් එක්ව සිටියහ. Buy Sneakers | Marki