Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2018 01:05:06 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව වන්නි භට පිරිස් ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි

69 වන යුද්ධ හමුදා සංවත්සරය සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය, ඒ යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි ඔක්තෝම්බර් මස 4 දින සිට 9 දින දක්වා සැමරුම් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 475 ක පමණ සහභාගිත්වයෙන් කල්මඩු හන්දියේ සිට ඉච්චන්කුලම් පොලිස් ස්ථානය දක්වා කිලෝමීටර 6 ක දුරක් ආවරණය වන පරිදි ධජ පෙළපාලියක් අඟහරුවාදා (09) දින පවත්වනු ලැබීය. එය නැරඹීම සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් මාර්ගය දෙපස එක් රැස්ව සිටියහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 612 වන බලසේනා පරිශ්‍රයේ සහ 611 වන බලසේනා මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (04) සහ සිකුරාදා (05) දින රුධිර පරිත්‍යාග වැඩසටහන් පවත්වනු ලැබීය.

වන්නි ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න විසින් වන්නි රෝහලේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කල අතර එහිදි 612 වන බලසේනා යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 125 ක් සහ 611 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 75 ක් රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

මේ අතර, සඳුදා (08) දින උදෑසන වවුනියාව නගරයේ දී වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංක, බලසේනා සහ ඒකකයන්හි ධජ ඇතුළත් වර්ණවත් ධජ පෙළපාලියක් පවත්වනු ලැබීය.

තවද, 61 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 613 වන බලසේනාවේ භට පිරිස් මඩු දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය. එම ශ්‍රමදාන වැඩසටහන සඳහා 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 300 ක් මඩු දේවස්ථාන පරිශ්‍රයේ කැලි කසල ඉවත් කර පිරිසිදු කිරීම මෙන්ම මඩු - පාලම්පිඩ්ඩි මාර්ගය, පන්ඩිවිරිච්චාන් - මඩු මාර්ගය සහ වන්දනාකරුවන් විවේක ගනු ලබන අනෙකුත් ස්ථාන පිරිසිදු කරනු ලැබීය.

එමෙන්ම, වේලන්කුලම් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 75 දෙනෙකුට උපහාර පුද කිරීමේ උත්සවයක් සිකුරාදා (05) දින කොවිලමොටෙයි විද්‍යාලයේ දී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ උපදෙස් මත සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පවත්වනු ලැබීය. එම උත්සවය සඳහා අවශ්‍ය තාවකාලික නවාතැන්, ආහාරපාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයනු ලැබීය.

මේ අතර, යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 61 වන සේනාංකයේ භට පිරිස් කොවිලමොටෙයි ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

එසේම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය යුද්ධ හමුදා 69 වන සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් මස මුල් සතියේ දී ධජ පෙළපාලියක්, ලේ දන්දීමක් සහ ශ්‍රමදාන ව්‍යාපෘති ඇතළු වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි.

එහි පළමු අදියර ලෙස, 211 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිහි භට පිරිස් එක්ව ඔක්තෝබර් මස 02 වන දින වවුනියාව මහ රෝහල් පරිශ්‍රයේ දී ලේ දන්දීමේ කඳවුරක් පැවැත් වූ අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් 104 ක් සිය රුධිරය පරිත්‍යාග කලහ.

තවද, ඊට පසු දින (03) භට පිරිස් විසින් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස වවුනියාව, කල්නාට්ටිකුලම් පෙර පාසලේ ජල පොම්පය අලුත්වැඩියා කරදෙනු ලැබීය.

2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ යුද්ධ හමුදා සාමාජිකාවන් එක්ව පොම්පේමඩු, තෙරේසා මවුතුමියගේ කන්‍යාරාමය වැඩිහිටි නිවාසයේ සහ කල්නාට්ටිකුලම් පෙර පාසලේ දී ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

යුද්ධ හමුදා දිනයේ දී (ඔක්තෝබර් මස 10) එය සමරනු වස් 21 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා, ඒකකයන්හි සහ ඉදිරි නඩත්තු පෙදෙසේ භට පිරිස් සියගණනක් අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේ කිලෝමීටර් 5 ක දුරක් ආවරණය වන පරිදි ධජ පෙළපාලියක් පැවැත් වූ අතර, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.පි. ද සිල්වා ගේ අධික්‍ෂණය යටතේ එම වර්ණවත් ධජ පෙළපාලිය සඳහා 211, 212 සහ 213 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 21 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් හි අණදෙන නිලධාරීන් සහ භට පිරිස් සහභාගි වූහ.

මේ අතර, 69 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව සැමරුම් වැඩසටහන් මාලාවක් 54 වන සේනාංකයේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.

ඒ අනුව, නිලධාරින් 48 ක් සහ සෙසුනිලයින් 796 ක් එක්ව මන්නාරම දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6.5 ක දුරක් ආවර්ණය වන පරිදි ධජ පෙළපාලියක් පවත්වනු ලැබීය.

මෙම ධජ පෙළපාලිය එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් සේනාංක මූලස්ථානයේ දී ආරම්භ විය.

මෙහිදි යුද්ධ හමුදා ධජයන් සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ මාතොට රජමහා විහාරස්ථානයේ සහ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආශීර්වාද එක් කරනු ලැබීය. මෙම ආගමික උත්සවයන් සඳහා සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ අතර, 69 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 62 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අඟහරුවාදා (16) දින කිලෝමීටර් 9 ක පමණ දුරක් ආවරණය කරමින් පදවිය නගරයේ සිට පරාක්ර්මපුර මහජන ක්රීුඩාංගණය දක්වා ධජ පෙළපාලියක් පවත්වනු ලැබීය.

මෙම ධජ පෙළපාලිය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 80 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහභාගි වූ අතර, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්රි්ගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද මීට එක්ව සිටියහ. Best Authentic Sneakers | Women's Designer Sneakers - Luxury Shopping