08th October 2018 20:08:59 Hours
මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ ජලය සපයන පායන්කුලම් වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් සෙනසුරාදා (06) දින වැව් බැම්මේ කොටසක් බිදියාම පිළිබඳ සැළවු වහාම ක්‍රියාත්මක වූ 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අනාරක්‍ෂිත වැව් බැම්මේ අලුත්වැඩියා කටයුතුවල නිරත විය.
ඒ අනුව, 613 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 32 ක් පමණ එක්ව බිඳිගිය වැව් බැම්මේ වැලිකොට්ට ඇතීරිම සඳහා සක්‍රීයව දායක විය.
මෙම අලුත්වැඩියා කටයුතු 61 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ගේ මඟපෙන්වීම මත සිදුකරනු ලැබීය. Running sport media | Trending