06th October 2018 20:42:19 Hours
69 වන යුද්ධ හමුදා දිනයට සහ සංවත්සරයට සමගාමීව නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හිඟුරක්ගොඩ පිහිටි එම මූලස්ථානයේ සහ පොළොන්නරුව නගරයේ දී ධජ පෙළපාලි සංවිධානය කරනු ලැබීය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මඟපෙන්වීම මත නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ධජ පෙළපාලි පවත්වන ලදී.
මෙම ධජ පෙළපාලින් සඳහා නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස, 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකාය නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.Best Authentic Sneakers | GOLF NIKE SHOES