Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2018 20:20:21 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් යාපනය මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මළල ක්‍රීඩා තරඟාවලිය සිකුරාදා (05) දින යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව යාපනය ආර්ධද්වීපයේ සේවයේ නියුුතු යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියගණනකගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඔප්නැංවීමේ අරමුණින් මෙම මළල ක්‍රීඩා තරඟාවලිය පවත්වනු ලැබීය.

මෙම මළල ක්‍රීඩා තරඟාවලිය උතුරු ඉදිරි නඩත්තු පෙදෙස විසින් සංවිධානය කල අතර මෙම තරඟාවලියේ සියලු තරඟ ඉසව්වනගේ විනිසුරු කටයුතු සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සමාජිකයින් සහභාගි වූහ.

තරඟාවලියේ සමස්ථ ශූරතාවය 55 වන සේනාංකය විසින් හිමිකරගත් අතර අවසාන තරඟ ඉසව්ව ලෙස පැවැති පිරිමි කඹ ඇඳිමේ තරඟයේ ශූරතාවය 52 වන සේනාංකයට හිමිවිය. එමෙන්ම, කාන්තා කඹ ඇඳිමේ තරඟයේ ශූරතාවය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායමට හිමිවිය. මෙම තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩකයා ලෙස 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.අයි.එන්. රාජපක්‍ෂ තේරිපත් වූ අතර තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ ආර්.ආර්.ඒ.පී. කුමාරි සම්මාන හිමිකරගත්හ.

මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් සිදු කළ අතර, යාපනය දිස්ත්‍රික් ලේකම්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.latest Nike release | Nike Shoes