Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2018 21:49:52 Hours

මාදුරුඔය විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරුවන් හට සහතිකපත් ප්‍රධානය කෙරේ

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැවැත්වනු ලැබූ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක 65 සාර්ථකව අවසන් නරනු ලැබූ යුධ හමුදා සමාජිකයින් හට සහාතික පත්‍ර හා සමරු තිළිණ පිරිනැමීම බදාදා (3) දින උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගි වූ අතර ඔහු වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමනු ලැබීය. එහිදී අණදෙන නිලධාරි, ලුතිතන් කර්නල් එස් හැන්නැදිගේ විසින් එතුමන් එම අවස්ථාව සඳහා පිලිගනු ලැබීය.

නිළධාරි 13 ක් සහ යුධ හමුදා සාමාජිකයින් 200ක් මෙහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කිරිමෙන් අනතුරුව විසිර යන ලදී.

සියලුම අංශයන්ගෙන් දක්ෂතම නිලධාරියාට හිමි සම්මානය 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් එම්.ටී.එන්.කේ. පෙරේරා විසින් හිමිකරගත් අතර සියලුම අංශයන්ගෙන් දක්ෂතම සෙබලාට හිමි සම්මානය හා හොඳම වෙඩික්කරුට හිමි සම්මානය 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සෙබල ජී.ජේ.ඩී.එල්. තිලකසිරි හිමිකරගනු ලැබීය. තවද හොඳම ඛණ්ඩයට හිමි සම්මානය හිමි කර ගැනිමට 18 ගැමුණු හේවා බලකායේ භට පිරිස් සමත් විය. Nike Sneakers | adidas Yeezy Boost 350