Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2018 21:39:04 Hours

යුද්ධ හමුදාව සංවිධානය කළ තරඟාවලිය සඳහා කිලිනොච්චි ක්‍රිකට් සමාජ 9 ක් සහභාගි වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විම මත 57 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් බදාදා (03) දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලද මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලිය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ක්‍රිකට් සමාජ 9ක් සහභාගී විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙන්ම 572 සහ 573 බලසේනාවන් හි බලසේනාධිපතිවරුන්ගේ අධික්ෂණය යටතේ එම ක්‍රිකට් කණ්ඩායම් අතුරින් අවසන් තරඟය සඳහ විශ්වමඩු තෝරල්ගල් ක්‍රීඩා සමාජය සහ විශ්වමඩු මධ්‍යම ක්‍රීඩා සමාජය තේරීපත්වන ලදි.

එහිදි විශ්වමඩු මධ්‍යම ක්‍රීඩා සමාජය ජයග්‍රහණය හිමිකර ගත් අතර, තරඟ සඳහා සහභාගි වූ සියලු ක්‍රීඩකයින් වෙත ක්‍රීඩා ආමාත්‍යාංශයෙන් ලැබුණු ක්‍රීඩා උපාංග ද බෙදාදෙන ලදි. තවද එදින සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රසංගය සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් ජනප්‍රිය සිංහල සහ දමිළ ගීත ගායනා කළහ.

පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් එම්. ප්‍රදීපන් මහතා මෙහි සම්භාවනීය අමුත්තා ලෙස සහභාගි වු අතර, සේනාංකාධිපති සහ බලසේනාධිපතිවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. best Running shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf