Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2018 21:48:52 Hours

යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් 24 වන සේනාංකය වෙතින් වැඩසටහන් මාලාවක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර පිහිටි 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ සහභාගීත්වයෙන් එම සේනාංක භට පිරිස් විසින් බදාදා (03) දින ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේ දී 69 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද පතා ආගමික වතාවත් සිදු කරන ලැබීය.

241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් චන්ද්‍රසිරි සහ 24 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේ පූජ්‍ය ප්‍රදීප් රෝෂාන්ත පියතුමා (Rev. Father Pradeep Roshantha of St. Ignatius Church) සහ සෝරි කල්මුණේයි පාරිෂ් දේවස්ථානයේ තිරුචෙල්වම් පියතුමා (Father Thiruchelwam, Parish Church of Sorri Kalmunei) විසින් මෙහිදි යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පූජාව සිදුකරනු ලැබීය.

මෙම ආශිර්වාද පුජාව සඳහා සිවිල් වැසියන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 150 ක් පමණ සහභාගි වූ අතර, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු තුර්යවාදන නාද මධ්‍යයේ පෙරහැරකින් දේවස්ථානය වෙත යුද්ධ හමුදා ධජ රැගෙනයන ලැබීය.

ඉදිරි දින කිහිපයේ දී යුද්ධ හමුදා සංවත්සරයට ආශීර්වාද පතා බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් ද සිදු කිරීමට නියමිතය. buy footwear | Nike Off-White