03rd October 2018 19:42:32 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ, කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින ග්‍රාමීය ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල අධ්‍යාපන කලාපවල තෝරාගත් දුෂ්කර පාසල් 50 ක් සඳහා ප්‍රශ්නෝත්තර පොත් කට්ටල තොගයක් අඟහරුවාදා (02) දින බෙදාදෙන ලදි.
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ මඟපෙන්විම මත 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.සී සෝමවීර ගේ මුලිකත්වයෙන් මෙහි දෙවන අදියර වැල්ලවාය මල්වත්තේවල විද්‍යාලයේ දී ආරම්භ කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා එම අනුග්‍රහකභවතුන්, 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.සී සෝමවීර, විද්‍යාලයන් හි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් ආරාධිතයින් ද එක්ව සිටියහ. jordan Sneakers | adidas Yeezy Boost 350