Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2018 21:50:07 Hours

වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වූ ආනමඩුව ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීමට බටහිර භට පිරිස්හි සහාය

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ 16 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සඳුදා (01) දින සන්ධ්‍යාවේ ආණමඩුව මහකූබුක්කකඩවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට බලපෑ සුළි සුළං  සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරාසන්නයේ මාර්ග සහ නිවාස මතට කඩාවැටුණු ගස් ඉවත් කරමින් බංගදෙනිය හන්දියට නුඳුරු ආණමඩුව - බංගදෙනිය ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීම ආරම්භ කරන ලදි.

අධික වර්ෂාපතනය හේතුවෙන් මුදලක්කුලිය, ආඩිගම, වරායක්ගම, වල්පාළුව, කාකුපඩියාව, පුදුගම (පොලිස් ගම්මානය), සූරක්කුලම සහ පෙරියමඩු යන ග්‍රාම සේවා ප්‍රදේශයන්හි නිවාසවල වහල මතට ගස්, අතු, රිකිලි කඩාවැටිම හේතුවෙන් හානි සිදුවී තිබූ අතර, ඒ පිළිබඳ සැලවීමත් සමඟ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් අවශය්‍ය සහයෝගය ලබාදීම සඳහා එම ස්ථානය වෙත භට පිරිස් යොමු කරවනු ලැබීය.

එමෙන්ම, 16 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් 5 ක් සහ සෙසු නිලයින් 50 ක් අයහපත් කාලගුණය පහව යන තුරුම ඕනෑම හදිසි අවස්ථාවක දි ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ආනමඩුව මුදලක්කුලිය විහාරයේ නවාතැන් ගෙන සිටියි. තවද මේ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ සහ අධික්ෂණ කටයුතු 143 වන බලසේනාවේ බලසේනාධිපති විසින් සිදු කරනු ලැබේ. Adidas shoes | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers