Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2018 20:21:11 Hours

‘ලෝක වැඩිහිටි දිනය’ සහ ‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් 58 වන සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහන්

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්විම මත ‘ලෝක වැඩිහිටි දිනය’ සහ ‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් සඳුදා (01) දින 58 වන සේනාංක බලප්‍රදේශය තුල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ අධික්ෂණයෙන් එම සේනාංක භට පිරිසහි මුලිකත්වයෙන් විවිධ ව්‍යාපෘති සංවිධානය කර තිබුණි.

581 බලප්‍රදේශයට අයත් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු විසින් මාතර, වේරගම්පිටිය සුවසෙවණ වැඩිහිටි නිවාසය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදෙනු ලැබීය.

මීට අමතරව, 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගාල්ල, සමරසිංහ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 12 දෙනෙකු වෙත උදෑසන ආහාර වේලකින් සංග්‍රහ කළ අතර, වැඩිහිටි නිවාසය වෙත බැටරි ආරෝපණය කරන ලද විදුලි ලාම්පු 02 ක් ද පරිත්‍යාග කරන ලදි.

එමෙන්ම, 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර ගේ පුර්ණ අධික්ෂණය යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙතින් අම්බලංගොඩ, කුරුදුගහහැතැක්ම අබේසේකර වැඩිහිටි නිවාසය වෙත එහි නේවාසික වැඩිහිටියන් සඳහා තේ පැන් සංග්‍රහයක් ලබාදෙනු ලැබීය.

එසේම, 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකොන් ගේ උපදෙස් මත එම බලසේනාවේ භට පිරිස් හොරණ ස්වර්ණමාලි වැඩිහිටි නිවාසය වෙත ගොස් එහි වැඩිහිටියන් 35 දෙනෙකු සඳහා උදෑසන ආහාරය සහ අත්‍යඅවශ්‍ය වියළි සලාක ඇතුලත් පාර්සල් ලබාදුන් අතර, 9 වන ගැමුණු හේවා බලකා භට පිරිස් බෝම්බුවල, ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැඩිහිටි නිවාසය වෙත ගොස් එහි නේවාසික වැඩිහිටියන් සඳහා රාත්‍රි ආහාරය පිරිනමා ඔවුන් වෙනුවෙන් කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් ද පවත්වන ලදි.

583 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් රත්නපුර, සමරතුංග වැඩිහිටි නිවාසය වෙත ගොස් එම වැඩිහිටි නිවාසය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කර එහි වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිරිනැමු අතර, ඔවුන් වෙනුවෙන් කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

8 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් රඹුක්කන අශෝක වැඩිහිටි නිවාසය වෙත ගොස් එම වැඩිහිටි නිවාසය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කර බෝධි පූජා පිංකමක් පවත්වා, එහි නේවාසික වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිරනැමීම සහ කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් පැවැත්විම සිදු කෙරිණි.

එමෙන්ම, ‘ලෝක ළමා දිනය’ ට සමගාමිව 583 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සිසිර හේරත් ගේ පූර්ණ අධික්ෂණය යටතේ එම බලසේනා භට පිරිස් විසින් ‘රුවන්වැලි සැමරුම - 2018’ නමින් ප්‍රදර්ශනයක් ද පවත්වන ලදි. jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1