Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 12:50:16 Hours

රැකියා විරහිත තරුණයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවිම සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා විරහිත තරුණයින්ගේ ආර්ථිකය නඟාසිටුවිමේ අරමුණින් වව්නියාව පිහිටි 61 වන සේනාංක බලප්‍රදේශයේ පදිංචි වෘත්තීකයින් පස්දෙනෙකු වෙත සෙනසුරාදා (22) දින අවශ්‍ය වෘත්තීමය මෙවලම් සහ උපාංග බෙදාදෙන ලදි.

පිරවන්කුලම්, තච්චනමරදමඩු සහ නන්දන්කඩල් යන ප්‍රදේශවලින් පෙදරේරු, වඩු කර්මාන්තය හා ගෘහ විදුලි පරිපථ වැනි ක්ෂේත්‍රයන්හි වෘත්තීමය වශයෙන් නිපුණත්වයකින් හෙබි සුදුසුකම්ලත් රැකියා විරහිත දමිළ තරුණයින් පස්දෙනෙකු තෝරාගනිමින් එම තරුණයින් වෙත දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශිලීන් තිදෙනෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව මෙම අත්‍යඅවශ්‍ය මෙවලම් සහ උපකරණ ලබාදෙනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපත් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන් ශෙහාන් හිරන්ග සිල්වා මහතා, නවක නවරත්න මහතා සහ රමිත් පෙරේරා මහතා විසින් මෙසේ එම පරිත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, මෙම වැඩසටහන 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්නෙගේ මඟපෙන්විම යටතේ එම සේනාංකය විසින් සංවිධානය කරන ලදි.

එමෙන්ම, පරිත්‍යාගශිලීන් එම දුෂ්කර ප්‍රදේශවල සංචාරය කරමින් මෙම මෙවලම් සහ උපකරණ බෙදාදීමට කටයුතු කරනු ලැබීය. best shoes | Nike for Men