Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 21:14:57 Hours

රුසියානු සමූහාණ්ඩුවේ නව ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කොඩා (Colonel Denis I. Shkoda) සිය පළමු නිල සංචාරය ලෙස අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි, ද්විපාර්ශ්වීක ආරක්‍ෂක හමුදා සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කළ අතර, මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. තානාපති කාර්යාලයේ තවත් නිලධාරියෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. latest Nike Sneakers | jordan Release Dates