Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 21:24:39 Hours

මිරුසූවිල්හි සිසුන් වෙත 52 වන සේනාංකයෙන් ත්‍යාග පාර්සල්

ලෝක ළමා දිනයට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මුලස්ථානය විසින් මිරුසූවිල්, කරම්පගම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ තෝරාගත් සිසුන් 49 ක් සඳහා ‘Shatter of the Silence’ පුණ්‍ය සංවිධානයේ අනුග්‍රහය ඇතිව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ පාසල් පාවහන් තොගයක් සඳුදා (01) දින බෙදාදෙන ලදි.

මෙම පරිත්‍යාග වැඩසටහනෙන් අනතුරුව එම සිසුන් සඳහා 52 වන සේනාංක භට පිරිස් දිවා ආහාරය ද පිරිනැමුහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්විම මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම පුණ්‍ය සංවිධානයේ සාමාජිකයින්, විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. latest Running | youth nike kd low tops orange , Nike Air Max , Iicf