Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 13:18:36 Hours

66 වන පාබල සේනා මුලස්ථාන භට පිරිස් වෙත නව ගොඩනැගිලි සංකීර්ණයක්

පුනරීන් හි ස්ථාපිත 66 වන පාබල සේනා මුලස්ථානයේ ඉදිකළ ශබ්ද විකාශණ යන්ත්‍ර, වේදිකා ආලෝකකරණ පද්ධතියකින් සහ ආසන 300 කින් සමන්විත බහුමාධ්‍ය දේශන ශාලාවක් ඇතුලු නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය භට පිරිස් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (27) දින විවෘත කරනු ලැබීය.

66 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක පිළිගනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් ආරාධිතයින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව 66 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ඵලකය නිරාවරණය කරමින් නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළහ. මෙම අවස්ථාව සිහිවනු වස් නව දේශන ශාලාව ඉදිරිපිට සේනාංකාධිපති විසින් පැළයක් ද රෝපනය කරනු ලැබීය.

භට පිරිස් සඳහා දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිල්ල 66 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්විම මත 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් ඉදිකරන ලදි. Running Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals