Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 13:55:17 Hours

ලෝක ළමා දිනය සැමරීමට කිලිනොච්චියේ දී වැඩසටහන් රැසක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්වීම මත ලෝක ළමා දිනය වෙනුවෙන් සඳුදා (01) දින කිලිනොච්චි ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවලදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනාරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත එම සේනාංකයේ භට පිරිස් විසින් වැඩසටහන් කිහිපයක් දියත් කරනු ලැබීය. ඒ අනුව, 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අඩු ආදායම්ලාභි දිළිඳු පවුල්වල සිටින වයස අවුරුදු : 05 ට අඩු ළමුන් හට මහජන බැංකුව වෙතින් නොමිලේ බැංකු ගිණුම් පොත් සඳුදා (01) දින කිලිනොච්චිය සහයෝගිතා කේන්ද්‍රයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහන සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජිව එදිරිසිංහ ගේ ඉල්ලීමකට අනුව මහජන බැංකුව වෙතින් අනුග්‍රහය ලබාදෙනු ලැබීය. මෙම උත්සවය සඳහා කිලිනොච්චි මහජන බැංකුවේ කළමණාකාර තුමන් සහභාගි වූහ.

මීට අමතරව, 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් ලෝක ළමා දිනයට සමගාමීව කිලිනොච්චි කනගපුරම් පිහිටි මාහාදේව ළමා නිවාසයේ ළමුන් 185 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 40 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරවේලක් ලබාදෙනු ලැබු අතර යුද්ධ හමුදා ‘සත්සරංගා’ නර්ථන කණ්ඩායමේ නර්තනයෙන් සහ කැලිප්සෝ සංගීත කණ්ඩයමේ සංගීතයෙන් එම නේවාසික ළමුන් විනෝදාස්වාදයට පත්කරන ලදී. මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් එම ළමා නිවාසයේ නේවාසික ළමුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එමෙන්ම, 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලෝක ළමා දිනයට සමගාමීව කන්දාවලි රංගන් පෙර පාසලේ ළමුන් සඳහා කෙටි ආහාරවේලක් සහ ත්‍යාග පාර්සල් ලබාදුන් අතර ඔවුන්ගේ කුසලතා ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් නාලක කරුණාරත්න ද එක්ව සිටියහ.

572 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් මනෝජිත ජයකාන්ත ගේ මූලිකත්වයෙන් එම බළමුළුවේ භට පිරිස් විසින් විශ්වමඩු, තොටිටිඅඩි ප්‍රජා ශාලාවේ දී අඩු ආදායම්ලාභි පවුල්වල සිටින වයස අවු : 05 ට අඩු ළමුන් සඳහා මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සිසු උදාන බැංකු ගිණුම් පොත් බෙදාදෙන ලදී. එසේම, 572 වන බලසේනාවේ භට පිරිස් විසින් විශ්වමඩු මන්ති පෙර පාසලේ ළමුන් 33 දෙනෙකු සඳහා උදෑසන ආහාරය සහ රසකැවිලි බෙදාදෙන ලදී.

තවද, 573 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 01 දින පැවැති උත්සවයක දී පන්නණ්කණ්ඩි - පරන්තන්, මලවෙහල් පෙර පාසලේ ළමුන් 14 දෙනෙකු සඳහා මහජන බැංකුව වෙතින් ගිණුම් පොත් බෙදාදෙනු ලැබීය. මෙම උත්සවය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘සත්සරංගා’ නර්ථන කණ්ඩායමේ නර්ථනයෙන් වර්ණවත් විය. මෙම උත්සවය 573 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ උපදෙස් සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජනක විජයරත්න ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබීය.

එමෙන්ම, 574 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ අවශ්‍යතාවයන් සහිත ළමුන් නේවාසිකව ප්‍රතිකාර ලබන මාන්කුලම් ළමා නිවාසයේ ළමන් සඳහා දිවා ආහාරවේලක් ලබාදෙනු ලැබීය. මෙම වැඩසටහන 574 වන බලසේනාධිපති තුමන්ගේ උපදෙස් සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් විරාජ් කරුණාරත්න ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබීය.latest Nike Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5