Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2018 13:58:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අකුරේගොඩ නවතමයෙන් ඉදිකරනු ලබන ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ සංචාරයක

අකුරේගොඩ නවතමයෙන් ඉදිකරනු ලබන ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (30) දින උදෑසන එම පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

නවතමයෙන් ඉදිකරනු ලබන ත්‍රිවිධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එම ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එයාර් මාර්ෂල් රොෂාන් පතිරගේ විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර ව්‍යාපෘති පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් අතිරේඛ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඒ.වී. රූපසිංහ, ව්‍යාපෘති කළමාණාකර බ්‍රිගේඩියර් රාජිත පෙරමුණගේ, ඉදිකිරීම් කළමණාකාර අධ්‍යක්‍ෂ කර්නල් ප්‍රසන්ත විමලසිරි ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, ඉදිකිරීම් කටයුතු නිමාවෙමින් පවතින ත්‍රිවිධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ විවිධ අංශයන්හි සංචාරය කරමින් ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් අදාළ නිලධාරින් සමඟ අදහස් හුවමාරු කරගත්හ. අනතුරුව, ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල වර්තමාන තත්ත්වය සහ ඉදිකිරීම් කටයුතුවල නිම කිරීම් සම්බන්ධව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් විය. url clone | Men’s shoes