Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2018 00:01:37 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී

පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් බදාදා (26) දින පිරිනමනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, 1990 වර්ෂයේ පලාලි ප්‍රදේශයේ දී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින අතර, එම ආබාධිත තත්ත්වය නොතකා, මව්බිම සහ යුද්ධ හමුදාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා, වෙඩි තැබීම, බැඩ්මින්ටන්, මේස පන්දු, දුනු විදීම, රෝදපුටු මැරතන් ධාවන තරඟ ඇතුළු පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයන් රැසක දක්‍ෂතා දක්වනු ලැබීය.

වර්තමානයේ මේජර් ජෙනරල් රාජිත අම්පේමොහොට්ටි ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් උණුසුම් අයුරින් පිළිගනැනීම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි විසින් සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවචාරය පිරිනැමීම සඳහා එතුමන්ට ආරාධනා කළ අතර, පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කැටුවයන ලදී.

ඉන් පසු එතුමන්, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක් වූ අතර, අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයත් සමඟින් උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් එල්.එම් මුදලිගේ, මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ පෙරේරා සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, පවුලේ සාමාජිකයින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

මේජර් ජෙනරාල් අම්පේමොහොට්ටි සිය යුද්ධ හමුදා සේවා කාලය තුල අණදීම් සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇති අතර, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ 1 වන අණදෙන නිලධාරි ලෙසත්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙසත්, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙසත් සහ යුද්ධ හමුදා මානව හිමිකම් අධ්‍යක්‍ෂ ලෙසත් කටයුතු කර ඇත. Nike footwear | Air Jordan 1 Mid - Collection - Sb-roscoff