27th September 2018 19:43:34 Hours
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක භට පිරිස් විසින් සැමරුම් උත්සව මාලවක් සමගින් සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිය 23 වන සංවත්සරය සමරනු ලැබීය.
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ අධීක්‍ෂණය යටතේ කැකිරාව ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවා ආහාරවේලක් ලබාදුන් අතර, දරුවන්ට අවශ්‍ය සනීපාරක්‍ෂක භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද එහිදි බෙදාදෙනු ලැබීය.
එමෙන්ම, සංවත්සරයට සමගාමීව, සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීකට්, පාපන්දු, වෝලිබෝල් සහ පිහිණුම් තරඟ පවත්වා එහි ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් 53 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පිරිනමනු ලැබීය.
තවද සංවත්සර දිනයට සමගාමීව, 53 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. Asics footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE