Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2018 20:08:12 Hours

රණක්‍ෂිතයට පත් විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා විශේෂ වැඩමුළුවක්

රණක්‍ෂිතයට පත් විජයබාහු රණවිරුවන්ගේ මානසික හා ශාරීරික සුවතාවය (‘Mental and Physical Relaxation’) ඇති කිරීම සඳහා තෙදින වැඩමුළුවක් සැප්තැම්බර් මස 16 දින සිට 18 දින දක්වා බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම තෙදින වැඩමුළුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනීතා ඒකකය විසින් සංවිධානය කරන ලදී.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදිනි සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා විරසිංහ මහත්මිය ප්‍රමුඛ ‘අභින’ ප්‍රාසාංගීක කලා ආයතනයේ කණ්ඩායමක් විසින් රණක්‍ෂතයට පත් රණවිරුවන් 100 කට අධික පිරිසක් සඳහා යෝගා වැඩසටහනක් පවත්වනු ලැබීය. තවද රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ආබාධිත තත්ත්වය නොසලකා සිය නිර්මාණශීලීත්වය හා අධිෂ්ඨානය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තෙදින වැඩමුළුව පවත්වනු ලැබීය. Sport media | Air Jordan