27th September 2018 19:30:15 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට පැන නගින ‘නීතිමය ගැටළු නිරාකරණය කරගැනීම’ පිළිබඳ උපදේශනය සඳහා විධිමත් වැඩමුළුවක් සිකුරාදා (21) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර, නිතිඥ මේධා ද අල්විස් මහත්මිය විසින් එය මෙහෙයවිය.
මෙම දේශනය සඳහා සහභාගි වූ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් ‘නීති උපදේශනය සහ හමුදා කළමනාකරණය, දික්කසාද නීතිය සහ එහි සීමාවන්, ඇප බැඳුන්කරයන් සහ එහි නීතිමය පැතිකඩ’ ආදිය පිළිබඳ දැනුවත් කරන ලදි.
එසේම, ‘ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ආපදා කළමනාකරණය පිළිබඳ එහි භාවිතය’ (International Humanitarian Law and its applicability in disaster management) මෙන්ම ‘උපදේශනය සඳහා මූලික සන්නිවේදන නිපුණතා වලට ප්‍රතිචාර දක්වන ආකාරය’ (How to respond to basic communication skills for counseling) යන මාතෘකා යටතේ දේශනයන් ද එහිදි පවත්වනු ලැබීය.
මෙම දේශන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක, ඒ යටතේ වන බලසේනා සහ ඒකකයන් හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. Running sports | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp