Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2018 18:42:30 Hours

වාකරේ තිලකවතියර් ළමා නිවාසයේ නේවාසික ළමුන්ට අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක සහ එම පවුලේ සාමාජිකයින් විසින් අඟහරුවාදා (21) දින වාකරේ තිලකවතියර් ළමා නිවාසයේ නේවාසික ළමුන්ට අවශ්‍ය පාසල් උපකරණ සහ ඇඳුම් අයිත්තම් තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

සුහදත්වය වර්ධනය කිරීම සහ අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් තුල උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් එච්.පී.ඩි.ඒ විරසේකර, 233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් කේ.ඩබ්ලිව්.ආර්.පී කුමාර සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එස්.ඒ.ඩබ්ලිව්.එන්.කේ අබේකොන් සහභාගි වූහ. latest Nike Sneakers | Nike Air Max 270