Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2018 20:03:39 Hours

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලු නිලයින් සඳහා නව පහසුකම් සංකීර්ණයක් විවෘත කෙරේ

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති සුභසාධක වෙළඳ සැලක්, ජන අවන්හලක්, මැහුම්හලක්, කරණවැම්හලක්, රූපලාවන්‍යාගාරයකින් සමන්විත නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සංකීර්ණය අඟහරුවාදා (25) දින පැවැති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත ඉංජිනේරු භට පිරිස්හි තාක්‍ෂණික දැනුම යොදාගනීමින් මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ ශ්‍රාම දායකත්වය ඇතිව නව පහසුකම් සංකීර්ණය ඉදිකරන ලදී.

එ් අනුව ඉදිකරනු ලැබූ පහසුකම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි විය. එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ආගමික වාතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා නව පහසුකම් සංකීර්ණය විවෘත කළහ.

අනතුරුව මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු නවතමයෙන් ඉදිරකන ලද පහසුකම් සංකීර්ණය නිරීක්‍ෂණය කරනු ලැබීය.Asics footwear | Men’s shoes