26th September 2018 19:29:52 Hours
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ නව සංකල්පයකට අනුව ‘වන සංරක්ෂණය සහ වන සංරක්ෂණ නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් දිසා වන කාර්යාලයේ නිලධාරින් විසින් සිකුරාදා (21) දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 571 වන බලසේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
571 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් සංවිධානය කරනු ලැබු මෙම දැනුවත් කිරීමේ දේශනයේ දී වන සංරක්ෂණය, නීති විරෝධී දැව ජාවාරම, වන විනාශය, තිරසාරත්වය, පරිසරයට වන බලපෑම් ආදී විවිධාකාර කරුණු පිළිබඳ අවධානයක් යොමු කරනු ලැබීය.Running Sneakers | THE SNEAKER BULLETIN