Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2018 13:48:10 Hours

231 වන බලසේනාවේ භට පිරිස් විසින් ප්‍රථිසංස්කරණය කරන ලද දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මඩකලපුව ප්‍රදේශයේ ස්ථානගත 231 වන බලසේනාවේ භට පිරිස් විසින් මඩකලපුව අගරදගුරු තුමන්ගේ ඉල්ලීමකට අනුව ශාන්තා ජෝෂප් වාස් දේවධර්මවිද්යා ආයතනයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරනය කර විවෘත කරනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ‍්‍රිගේඩියර් චුලා අබේනායක ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති‍ බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ගේ අධික්‍ෂණය යටතේ 231 වන බලසේනා බල්‍ප්‍රදේශයේ ස්ථානගත 10 වන ගජබා රෙජමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම එම ඒකකයේ භට පිරිස් සහ 4 වන ගැමුණු හේවා බලඇණිය, 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස්හි සහයෝගය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලිම සඳහා නිරීක්‍ෂණ සංචාරයක නිරතවූ අතර එහිදි අගරදගුරු තුමන් සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින භට පිරිස් සමඟ ද අදහස් හුවමාරු කරගත්හ.

ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සෙනසුරාදා (08) දින අගරදගුරු තුමන්ගේ සහ මඩකලපුව කතෝලික තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයක දී සිදු කෙරිනි.

එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ‍්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එ්.එස්. හේවාවිතාරණ සහභාගි වූ අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආගමික සම්භාවනිය අමුත්තන් සහ කතෝලික බැතීමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

තවද ප්‍රතිසංස්කරනය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා 10 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රුවන් ඇහැළෙපොල ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ. affiliate tracking url | Men's Footwear