25th September 2018 17:06:36 Hours
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාඳුරුඔය, දම්මින්න ප්‍රදේශයේ ස්ථානගත 6 වන ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජේ.එම්.ඩි.එන්.සී. ජයමහ ගේ ආරාධනයකට අනුව සපැමිණි මින්නේරිය පාබල පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා විසින් නිරාවරණය කරනු ලැබීය.
6 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි තුමන්ගේ ආරාධනයකට අනුව සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රණවිරු ස්මාරකය විවෘත කරනු ලැබු අතර එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. මෙහිදි ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් මානුෂිය මෙහෙයුමේ දි ගැමුණු හේවා බළඇණියේ රණවිරුවන්ගේ වීරත්වය පිළිබඳ සිහිපත් කළහ.
මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත කැටුව යන ලදී.
මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඥාතින් රැසක් එක්ව සිටියහ. best shoes | 『アディダス』に分類された記事一覧