Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2018 16:08:25 Hours

යාපනය භට පිරිස් දිළිඳු පවුල් 3 ක් සඳහා සනීපාරක්‍ෂක පහසුකම් සලසයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව කොළඹ 306/සී ඩයමන්ඩ් සිංහ සමාජයේ මූල්‍යමය දායකත්වය ඇතිව භාරතිපුරම් සහ කොකුවිල් ප්‍රදේශයේ දිළිඳු පවුල් තුනක් සඳහා සනීපාරක්‍ෂක පහසුකම් ලබාදෙනු ලැබීය.

ඒ අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනීමින් ඉදිකරනු ලැබු සනීපාරක්‍ෂක පහසුකම් ඉරිදා (03) දින ඔවුන් වෙත පවරාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ 306/සී ඩයමන්ඩ් සිංහ සමාජයේ සභාපති නිමල් රණවක මහතා, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ. Authentic Nike Sneakers | Men’s shoes