Header

Sri Lanka Army

Defender of the Nation

23rd September 2018 16:00:31 Hours

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පලාලී හිදී නව ATM යන්ත්‍රයක් විවෘත කෙරේ

යාපනය ප්‍රදේශයේ කඳවුරු තුල සේවයේ නියුතු සන්නද්ධ හමුදා සාමාජිකයින්ට බැංකු ගණුදෙනු පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් පලාලී මහජන බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව නව ATM යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී.

නවතමයෙන් ස්ථාපනය කරන ලද ATM යන්ත්‍රය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ඉරිදා (23) දින පැවැති කෙටි උත්සවයකින් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා, රාජ්‍ය නිලධාරින්, බැංකු නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. Buy Kicks | Nike SB