Header

Sri Lanka Army

Defender of the Nation

23rd September 2018 15:38:21 Hours

‘මානසික ආතතිය සහ සිවිදිවි නසාගැනීම්’ වළක්වාගැනීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ‘මානසික ආතතිය සහ සිවිදිවි නසාගැනීම්’ වළක්වාගැනීම පිළිබඳ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සැප්තැම්බර් මස 19 දින සිට 21 දින දක්වා පවත්වනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්තර රාජගුරු ගේ උපදෙස් මත මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙම දේශනය සඳහා එක්වූහ.

එමෙන්ම, 59 , 64 සහ 68 වන සේනාංකයන් යටතේ ස්ථාපිත බලසේනා මූලස්ථාන සහ ඒකකයින්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ද මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව පවත්වනු ලැබීය. short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ