23rd September 2018 15:45:31 Hours
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ‘වර්තමාන පසුබිම අධ්යයනය කරමින් යුද්ධ හමුදාවේ අනාගත සැලසුම්’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (19) දින 24 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩමුළුව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ආරාධනයෙන් පැමිණි දේශකයින් විසින් ජාතික සංහිඳියාව හා සංවර්ධනය සඳහා හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය (Role of Army Soldiers to Establish National Reconciliation and Development), හදිසි අනතුරු හා සියදිවි නසාගැනීම් අවම කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය (Role of Army to Mitigate Death Toll in Accidents and Suicides), මත්ද්රව්යවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ පිළිබඳ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය (Role of Army Personnel to Prevent Drug Addiction) යන කාලීන මාතෘකා යටතේ දේශන පවත්වනු ලැබීය.
මෙම ව්යාපෘතිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ආරම්භ කල අතර මෙම වැඩමුළුව අතරතුරදී සහභාගිවූවන්ට පැණනගින ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට අවස්ථාව සැලසීණි.
මෙම වැඩමුළුවේ දී 24 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සපැමිණි මහඔය / අම්පාර II සහකාර පොලිස් අධිකාරි ලුෂන් සුරියබණ්ඩාර මහතා, අම්පාර මහා රෝහලේ මනෝචිකිත්සක වෛද්ය ශීරන්ති විජේසුන්දර, අම්පාර දිස්ත්රික් ජාතික අන්තරායාකර ඖෂධ පාලන මණ්ඩලයේ උපදේශක එම්.එම්.ජි.බී.එම්. රෂාඩ් මහතා සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්රිගේඩියර් එම්.ඩබ්ලිව්.ඒ.ඒ. විජේසුරිය විසින් දේශන පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ. Sports Shoes | Nike Releases, Launch Links & Raffles