Header

Sri Lanka Army

Defender of the Nation

23rd September 2018 15:36:21 Hours

621 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

වැලිඔය ප්‍රදේශයේ ස්ථානගත 681 වන බලසේනා මූලස්ථානයේ 6 වන බලසේනාධිපති ලෙස කර්නල් ආර්.ඒ.ඩී.එස්. එස් රණවීර සඳුදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි අරඹනු ලැබීය.

බලසේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරීනැමීය. අනතුරුව නව බලසේනාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Sports News | Klær Nike