Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2018 19:48:23 Hours

වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතින් දෙකක්

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව මාතර සමුද්‍ර උද්‍යානය සහ කළුතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් අඟහරුවාදා (18) දින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ සහ 4 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වූ අතර මීට දින කිහිපයකට ඉහතදී වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දඩැල්ල වෙරළ තීරයේ දී පැවැත්විණි.

පොලිස් සාමාජිකයින්, පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරින්සහ ස්වේච්ඡා සාමාජිකයින් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. best Running shoes brand | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov