Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2018 18:18:34 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අඟහරුවාදා (11) දින කණ්ඩවාලි ග්‍රාමිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදුකරන ලදී.

මෙහිදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් එක්ව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවිය.

රෝහලේ රෝගින් සහ සිවිල් වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් දියත් කරන ලද මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 573 වන බලසේනාවේ බලසේනාධිපති, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලදී. jordan release date | Air Jordan