Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2018 12:30:24 Hours

ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක යුද අභ්‍යාසයේ අවසන් අදියර පවත්වනු ලබන ප්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකාවක

‘දියකාවා - 2018’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අවසන් අදියර සැප්තැම්බර් මස 26 වන දින කුච්චවේලී ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත අතර සංග්‍රාමික පුහුණු නිදර්ශක සහ විවිධ ප්‍රහාරයන් දියත් කරනු ලබන සැකැස්ම පිළිබඳ සොයා බැලිම සඳහා ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන අද (12) දින උදෑසන එම ප්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරික්‍ෂණ චාරිකාවේදි මෙම ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අවසන් අදියර සඳහා භාවිතා කරනු ලබන බංකර්, නැරඹුම් කුළුණු, මුර කුටි, ගොඩනැගිලි, වැලි බැම්ම යන ආදියෙහි නිදර්ශක මෙම නිරික්‍ෂණ චාරිකාව අතරතුර මේජර් ජෙනරාල් රණවන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පරික්‍ෂා කරන ලදී.

ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අවසන් අදියර පිළිබඳ විවිධ පැතිකඩයන් පිළිබඳව ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක විසින් විමසා සිටි අතර ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ රාජකාරි කරනු ලබන අයවළුන් සමඟ ද අදහස් හුවමාරු කරගන්නා ලදී. Authentic Nike Sneakers | NIKE