Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2018 21:10:56 Hours

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

උතුරු පළාතේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson)මහතා සිකුරාදා (7) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි හමුවිය.

මෙම හමුව සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමගින් මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම් ක්‍රිශ්නි ගුණසේන මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ආර් සිවසුතාන් මහතා ද එක්ව සිටි අතර එහිදී යාපන අර්ධද්වීපයේ සිවිල් - හමුදා සම්බන්ධිකරණ ව්‍යාපෘති හා සංහිදියා ක්‍රියාවලිය සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම හමුවේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සංහිදියා ක්‍රියාවලිය සබැදි වත්මන් තත්වය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කල අතර දූත පිරිස හා ආඥාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Nike sneakers | Nike Shoes