25th August 2018 10:10:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොත හඳුන්වාදීමේ වැඩමුළුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර ගේ අධීක්‍ෂණය යටතේ පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගියදා පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනේ පිළිගැනීමේ කථාව මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් සිදුකල අතර අභ්‍යන්තර හා විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි - I මේජර් පී.ඒ.එස්.එන්.ආර්. පෙරේරා විසින් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබීය.
ප්‍රසම්පාදන රාජකාරින් ඉටුකරන සියලුම නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරීමට සහ ප්‍රසම්පාදන කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම සඳහා 2006 වර්ෂයේ රාජ්‍ය ටෙන්ඩර් උපදේශයන්ට අනුකුලව ප්‍රසම්පාදන මාරගෝපදේශන අත්පොත මුද්‍රණය කර ඇත. මෙම වැඩමුළුවේදී සහභාගිවූවන්ට ප්‍රසම්පාදනය පිළිබඳ මනා දැනුමක් ලබාගැනීමට හැකි විය.
මෙම වැඩමුළුව සඳහා පහත සඳහන් ආයතන නියෝජනය කරමින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 52 ක් සහභාගි වූහ.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථාන - කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන)
රෙජිමේන්තු මධ්‍යස්ථානය - නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක
යුද්ධ හමුදා පුහුණු ආයතන - ප්‍රධාන උපදේශක
රෙජිමේන්තු වෘත්තීය පුහුණු පාසල් - සේනාවිධායක best Running shoes brand | jordan Release Dates