Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2018 09:58:45 Hours

515 වන බලසේනාවේ 27 වන සංවත්සරය සමරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථානගත 515 වන බලසේනාවේ සිය 27 වන සංවත්සය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

515 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සේනක කස්තුරිමුදලි ගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (14) දින උතුරේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මීට අමතරව, සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ඣායනාවක් ද පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ දී, බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල බලසේනාධිපතිතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රාහයක් සඳහා ද සහභාගි විය.Best jordan Sneakers | Men's Footwear