24th August 2018 08:20:29 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සඳහා පැවැති ඉංග්‍රිසි පාඨමාලාවේ පළමු අධියර සිකුරාදා (17) දින සාර්ථකව නිමාවට පත්විය.
මෙම පාඨමාලාව අධියර 4 ක් යටතේ කිලිනොච්චි පහසුකම් සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට සුදානම් කර ඇති අතර එහි පළමු අධියර යටතේ නිලධාරින් 14 ක් පාඨමාලාව හදාරනු ලැබීය. මෙම පාඨමාලාවේ දේශන කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත් වන එම ප්‍රදේශයේ ඉංග්‍රිසි උපදේශීකාවක වශයෙන් කටයුතු කරන මනෝරංජනි මනෝහරන් මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.
මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය අඟහරුවාදා (21) දින 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Authentic Sneakers | adidas Yeezy Boost 700 , Ietp