24th August 2018 08:40:08 Hours
මැලේසියාවේ පැවැති විවෘත මැලේසියා රෝදපුටු තරඟාවලිය - 2018 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් තරඟ අංශ හතරක් යටතේ තරඟ කල අතර එහිදි රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය. මෙම තරඟාවලිය අඟහරුවාදා (21) දින අවසන් විය.
මෙම තරඟාවලියේ දී රන් පදක්කම් හිමිකරගත් යුද්ධ හමුදා ක්‍රීඩකයින්, 2009 වර්ෂයේ දී අවසන් වූ යුද ගැටුම්වලදී බීම් බෝම්බවලට ගොදුරු වී තුවාල ලබා රෝදපුටවලට සීමා වූ යුද්ධ හමුදා සාමාජිකයින් වේ.
එහිදි පැවැති පිරිමි ඒකල තරඟයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ආර්. රණවීර ලකුණු 6-1, 6-7 (2), 7-6 (5) ලබාගනීමින් පරාජයට පත් කරමින් රන් පදක්කම හිමිකරගැනීමට ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ගාමිණි දිසානායක සමත් වූහ.
මෙම තරගයේදී ආර්. රණවීර සහ ජයසුන්දරට එරෙහිව ලකුණු 7-5, 6-2 ක් ලබාගනීමින් ගාමිණී සහ ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයා වන ලාන්ස් බොම්බඩියර් ඩී. එස්. ආර් ධර්මසේන රන් පදක්කම් දිනාගැනීමට සමත් විය. Best Authentic Sneakers | Entrainement Nike