24th August 2018 08:30:24 Hours
ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ ලිපිකරු පාඨමාලා අංක - 57 මාස තුනකට අධික කාලයක් පැවැති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් සාර්ථකව හැදෑරු මෙම පාඨමාලාව අඟහරුවාදා (07) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී නිමාවට පත්විය.
යුද්ධ හමුදා සාමාජිකයින් 84 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව අතරතුරදී ඔවුන්ට එදිනෙදා සිය රාජකාරි ඉටු කිරීමෙදි මූලිකව අවශ්‍ය කරන කුසලතා සහ දැනුම ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථාව ලැබිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සාලිය පද්මශාන්ත, ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් කේ. සත්‍යපාල ඇතුළු මාණ්ඩලික නිලධාරින් සහ උපදේශක නිලධාරින් රැසක් එක්ව සිටියහ. Sports Shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1