24th August 2018 08:45:51 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානයක්කාර මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉරිදා (19) දින නිරික්‍ෂණ චාරිකාවක නිරතවිය.
මෙම ඇසල මංගල්‍යය කාල සීමාවේදි මහජන ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, අනෙකුත් සහෝදර ආරක්‍ෂක අංශයන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සමග සම්බන්ධිකරණය කිරිමේ වගකීම 11 වන සේනාංක මුලස්ථානය වෙත පැවරී ඇත.
මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුරදී, ආරක්‍ෂක කටයුතු වල ප්‍රගතිය පිළිබඳව මෙන්ම ආරක්‍ෂක කටයුතු සම්බන්ධීකරනය සිදුකරන මෙහෙයුම් මැදිරිය ද නිරීක්‍ෂණය කරන ලද අතර දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය සඳහා ආහාර පිළියෙල කරන ස්ථානය වෙත ද ගොස් ඒ පිළිබඳව ද සොයා බලන ලදී. affiliate tracking url | Nike Air Force 1 , Sneakers , Ietp STORE