24th August 2018 08:50:23 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භට පිරිස් විසින් අනවිලන්දකුලම් ප්‍රදේශයේ පදිංචි අසරණ වයෝවෘද කාන්තාවක් සඳහා නාන කාමර පහසුකම් ද සහිත නව නිවහනක් ඉදිකරන ලදී.
මුත්තුසාමි තෙයිවනේ මහත්මියගේ වයෝවෘද තත්වය ගැන සලකා බැලූ භට පිරිස් වැන්දඹු කාන්තාවක් වන ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බැවින් ඇය වෙනුවෙන් නාන කාමර පහසුකම් ද සහිත නව නිවහනක් තැනීම සඳහා එම භට පිරිස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.
652 වන බලසේනාංක මුලස්ථානයේ ආරාධනයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. කේ කුමාරප්පෙරුම විසින් සෙනසුරාදා (18) දින ඉදිකරන ලද නව නිවහන මුත්තුසාමි තෙයිවනේ මහත්මිය වෙත භාරදෙනු ලැබීය. Running Sneakers | adidas NMD Human Race