Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2018 09:06:47 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නව ශ්‍රී ලංකා ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හි නව ප්‍රධානි ලුකස් පෙට්‍රීඩිස් මහතා (Mr Loukas Petridis) අඟහරුවාදා (21) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර මෙහිදී උතුර සහ නැගෙනහිර පළාත් වල ආරක්‍ෂක හමුදාවන් විසින් සිදුකරනු ලබන සංහිදියා ක්‍රියාවලිය සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් හි ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හි නව ප්‍රධානි ලුකස් පෙට්‍රීඩිස් මහතා අගෝස්තු මස 6 වනදා ශ්‍රී ලංකාවේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවු අතර එතුමන් සිය සුබ පැතුම් පිරිනමමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන මානුෂීය ක්‍රියාවලින් සඳහා පූර්ණ සහයෝගය ලබාදෙනු ලබන බැව් ද පවසන ලදී.

මෙහිදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් යාපනය අර්ධද්වීපය තුල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල්වල ජීවන තත්වය ඉහල දැමිම, සෞඛ්‍යය තත්වය නංවාලීම මෙන්ම යුද්ධ හමුදාව විසින් විශාල වශයෙන් දායකත්වය දක්වනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සහ කෘෂී කර්මාන්තය ආශ්‍රීත ව්‍යාපෘතින් පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හි නව ප්‍රධානි දැනුවත් කරන ලද අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ඉදිරි ව්‍යාපෘතින් සඳහා ද යුද්ධ හමුදාවේ සහයෝගය නොමදව ලබාදෙනු ලබන බැව් ද ප්‍රකාශ කර සිටියහ. Best jordan Sneakers | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4