Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2018 10:12:47 Hours

භට පිරිස් නිවෙස් මතට කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භට පිරිස් එම බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඒ විජේසූරියගේ මඟපෙන්විම යටතේ නුවරඑළිය බ්‍රවුන්ස්වික් ගස්කිපන් (Brownswick Gaskipan) වතුයායේ නිවාස කිහිපයක් මතට කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය දක්වන ලදි.

නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂාපතනය සමඟින් ඇති වූ සුළි සුළං තත්වය හේතුවෙන් මෙම ගස් කඩාවැටි ඇති අතර, අනතුරට පත්වුවන් කිසිවෙකුත් වාර්තා වී නොමැත. 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කඩාවැටුණු ගස් සහ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය. Buy Kicks | Nike for Men