Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2018 10:30:47 Hours

යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් ත්‍රිකුණාමලය සිවිල් සමාජ කණ්ඩායම් සමඟින් තරඟවදියි

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයින් තුළ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 221 වන බලසේනාව විසින් සංවිධානය කළ පාපන්දු තරඟාවලිය ඉරිදා (12) දින ෆෙඩ්රික් කොටුව ක්‍රීඩා පිටියේ දී පවත්වන ලද අතර, 22 වන සේනාංක පාපන්දු කණ්ඩායම සහ ත්‍රිකුණාමලය ගාවස්ට් ක්‍රීඩා සමාජය (Trincomalee’s Town & Gravest Sports Club) එහිදි තරඟ වැදුණි.

තරඟයේ ආරම්භයේ සිටම අවසානය දක්වාම මෙම කණ්ඩායම් දෙක ඉතා දක්ෂ ලෙස තරඟ කළත් ජයග්‍රහණය හිමි කර ගැනීමට 22 වන සේනාංක කණ්ඩායම සමත්විය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්විම මත 221 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.පි.යු ගුණසේකර ගේ අධික්ෂණය යටතේ සංවිධානය කළ මෙම තරඟය නැරඹිම සඳහා ප්‍රදේශයේ තරුණයින් රැසක් සහභාගි වුහ. Running sport media | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp