19th August 2018 09:12:47 Hours
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 270 කට වැඩි පිරිසක් පලාතේ සිවිල් ආයතන සමඟ එක්ව අගෝස්තු මස 16 සහ 17 යන දිනයන්හි දී කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමිව 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම වැඩසටහන සඳහා සහාය දැක්විය.
ජාතිය ගොඩනැංවිමේ කාර්ය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදීමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව යමින් මෙම යුද්ධ හමුදා සාමාජිකයින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පොලිස් සාමාජිකයින් සහ අනෙකුත් ස්වේච්ඡා සාමාජිකයින් සමඟින් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි තෝරාගත් අවධානම් ප්‍රදේශයන්හි නිවාස ඇතුලු මදුරුවන් බෝවිය හැකි අනෙකුත් ස්ථාන පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
යුද්ධ හමුදා සාමාජිකයින් සමඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, වසංගත රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්, රාජ්‍ය සේවකයින්, පොලිස් සාමාජිකයින් සහ විවිධ ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින් ද එක්ව සිටියහ.jordan release date | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ